Thursday, October 21, 2010

මැදපෙරදිග/ගල්ෆ් රාජ්‍යයන්

අරාබියානු අර්ධද්වීපය (Arabian Peninsula) නොයෙකුත් විදේශික පාලනයනට යටත්ව තිබී ඇත. භූගෝලීය පිහිටීම හා ස්වභාවීක සම්පත් වන ඛණිජ තෙල් හා ගෑස් සංචිතය නිසා මෙ කලාපය ලෝක ආර්ථික සිතියමේ වැදගත් තැනක් ගනී.

මෙ කලාපයෙ විශාලතම භූමි ප්‍රමාණයක් අයත් වන්නේ සවුදි අරාබියට ය. විවිධ ගෝත්‍රයන් (tribe) විසින් ඔවුනට අදාල පලාත් වෙන්කරගෙන පාලනය කර ඇති මෙ රට එකමුතු කර වර්ෂ 1932 දී සවුදි අරාබියානු රාජධානිය පිහිටුවා ඇත.

ඊට යාබද ඉරාක දේශ සීමාවේ පිහිටි කුවේට් රාජ්‍යය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලාබා ඇත්තේ 1961 දීය.

සවුදි අරාබියට දකුණු දෙසින් පිහිටි යේමනය කලාපයේ පැරණිතම රාජ්‍යය වේ. එරට 1918දී තුර්කියේ ඔත්මාන් අධිරාජ්‍යයාගෙන් නිදහස ලැබ ඇති අතර 1962 දක්වා කිසියම් සම්මුතියක් අනුව බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවත 1967දී ජනරජයක් ලෙස ප්‍රකාෂයට පත්කර ඇත. 1970 දී දකුණු යේමනය උතුරු යේමනයෙන් වෙන්වී කොමිනිස්ට් රජයක් ප්‍රකාශයට පත්කර ඇත. පසුකාලීනව මෙ දෙරට යුද්ධ කිහිපයක පැටලුන ද 1990 වසරේ මැයි 22 දා නැවත යේමනය ලෙස එක්සත් විය.

අරාබියානු අර්ධද්වීපයේ ඉතිරි කලාප බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අණසක යටතේ පැවතී ඇත.

1960 දශකයේ අග භාගය වන විට මැදපෙරදිග රටවල් ගනනවක් බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වෙමින් සිටියේය. ඒ අනුව බහරේන්, ඕමන්, කටාර්, හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE - United Arab Emirates) යනාදී රටවල් 70 දශකයේ මුල් කාලය වෙන විට පිහිටුවා ඇත.

මින් UAE පෙඩරල් රාජ්‍යයන් හතකින් සමන්විත වේ, ඒවා නම් වශයෙන් අබූදාබිය, ඩුබායි, සාජා, අජ්මාන්, උම් අල් ක්වේන්, ෆුජේරා හා රාස් අල් කයිමා වේ. පෙඩරල් රාජ්යයන් එමීර්වරයෙක් මූලික සභාවකින් පාලනය වන අතර, මධ්‍යගත රජය ජනාධිපතිවරයා ලෙස අබූදාබියේ එමීර්වරයා පත්වේ.

ඒ අතර තුර සිදුවූ ඛණිජ තෙල් මිල ඉහළ යෑම හා කලාපයේ නව ඛණිජ තෙල් නිධි මතුවීම නවතම ආර්ථික ප්‍රවණතාවයක් ඇති කර ඇත. එය මැදපෙරදිග රටවල සීග්‍ර සංවර්ධන ක්‍රියාදාමයට මුලපිරුනි. ඉන් විශාල මිනිස් ශ්‍රම බලකායක අවශ්‍යතාවය මතුවිය. ඉංදියාව, පකිස්තානය, අන් අරාබි රටවල්, තුර්කිය, කොරියාව, චීනය, අප්‍රිකානු රටවල්, අනෙකුත් ආසියාතික රටවල් ද අඩු වැඩියෙන් ඉන් වාසි අත්කර ගෙන තිබුණි.

බටහිර රටවල් ඔවුන්ගේ තාක්ෂණික බලපුලුවන්කාරකම උපයෝගී කරගෙන කාලපයේ ආධිපත්‍යය පවත්වා ගැනීමට සමත් විය.

4 comments:

  1. අච්චර ලොකු ඉරානය ගැන සඳහනක් නැහැනේ....

    ReplyDelete
  2. @Saman:
    මැදපෙරදිග රටවල් කියද්දී බටහිර ආසියාවෙන් පටන්, උතුරු අප්‍රිකාවත්, අරාබියානු අර්ධද්වීපයත් අයත් වෙනවා. පමණක් අවස්ථාවලදී සයිප්‍රසයත් මැදපෙරදිග දේශයට ගැනෙනවා.

    ඉරානය ගල්ෆ් මුහුදට මායිම් වීම නිසා බෙහෝවිට ඔබේ ප්‍රශ්ණය තරමක් දුරට හරි. එහෙත් මේ සටහනින් අවධානය යොමුකලේ භාවිතයේ යෙදෙන අරාබියානු අර්ධද්වීපයට අයත් මැදපෙරදිග ගල්ෆ් දේශයට. අරාබියානු අර්ධද්වීපය හා ගත් විට ඉරානය අයත් පර්සියාව විශාල භූමි ප්‍රදේශයක්.

    ඔබේ සටහනට බොහෝම ස්තුතියි.

    ReplyDelete
  3. මැදපෙරදිග ලෙස හැඳින්වෙන රටවල් ගැන මගේ දැනුම අවමයි.ඉතිං කියවන්නට බලා සිටින්නෙමි.

    ReplyDelete
  4. @nimanthi:
    අපේ රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් සපයන, ඒත් සමාජයේ හෑල්ලුවට ලක්වෙන මැදපෙරදිග රැකියා පිලිබඳව විමසුමක් කරන්නයි පතොක් යාය තුලින් උත්සාහය. පලමුව ඒ පරිසරය ගැන හැඳින්වීමකින් පටන් ගත්තා.

    නංගී පතොක් යාය පැත්තට ආපු එක ගැන බොහෝම සන්තෝසයි.

    ReplyDelete