අරාබියානු අර්ධද්වීපයේ අලුතින් ඛණිජ සම්පත් සොයා ගැනීමත්, සීමිත ප්‍රදේශයක අණසක පැවති කලාපීය/ගෝත්‍ර මූලික සමාජය නව රාජධානීන් ලෙස මැනවින් සංවිධානය වීමත් සමඟම අරාබියානු ගල්ෆ් රටවල (සවුදි අරාබිය, ඕමන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේට් හා බහරේන් එකතුව සෑදෙන GCC) සංවර්ධන කාර්යය කෙරෙහි වඩාත් උනන්දුවක් ඇති විය. 1973 වසරේ ලෝක වෙළෙඳ පොලේ ඛණිජ තෙල් මිල ඉහළ යෑමෙන් ලද ආර්ථික වාසිය එයට තවත් අනුබලයක් විය. එහෙත් අරාබියානු ගල්ෆ් රාජ්‍යයන් මුහුණපෑ ප්‍රධානතම බාධකය වූයේ එරටවල පැවැති මිනිස් ශ්‍රම බලකායේ හිඟයයි, එම රටවල් හයේ සමස්ත මිනිස් ශ්‍රම බලකාය මිලියන 1.36ක් විය.
මුලදී, අරාබියානු ගල්ෆ් රටවල පුහුණු හා නුපුහුණු මිනිස් ශ්‍රම අවශ්‍යතාවය ඊජිප්තුව, යේමනය, පලස්තීනය, ජොර්දානය, ලෙබනන්, සිරියාව හා සූඩානය වැනි අවට අරාබි රටවලින් ද අනෙකුත් අප්‍රිකාණු රටවලින් ද පකිස්තානය හා ඉන්දියාවෙන් ද සැකසිනි.
තාක්ෂණික අංශයේ ඉහල රැකියා අවස්ථා බටහිර හා දියුණු රටවල සමාගම් අත්කර ගත්තේය. ඉදිකිරීම් අංශයේ බහුතරය තුර්කි හා කොරියානු සමාගම් අත්පත් කරගත් අතර ඔවුන්ගේ වැසියන් සේවයේ යොදා ගත්තේය.
අප්‍රිකාණු හා අවට අරාබි රටවලින් අරාබි අර්ධද්වීපයේ රැකියාවනට සංක්‍රමණය වීම පුරාණයේ සිට පැවැතී ඇත. නව රැකියා දොරටු විවෘත වීමත් සමඟ ඇතිවූ ගැලීම හා බලන කල එය ඉතා කුඩාය. අප්‍රිකාණු හා අවට අරාබි රටවලින් ආ ජනකොටස් ඔවුන්ගෙන් සම්බවය අනුව සැදුම්ලත් කුඩා ජනාවාස තැන තැන ඇතිවී කාලයත් සමඟම ඔවුනට ආවේණික භාෂාමය, සංස්කෘතික, සිරිත්-විරිත්, ආදී විවිධ බලපෑම් ස්වදේශික ප්‍රජාවන් කෙරෙහි බලපාන්න පටන් ගැනින. සංඛ්‍යාත්මකව හැකිලීමට පත්ව සිටි වඩාත් සම්ප්‍රදායික/ආරක්ෂනවාදී ස්වදේශික ජන කොටස් වලට මේ බලපෑම තදින් දැනෙන්නට විය, එය කලාපයේ රාජ්‍යතන්ත්‍රයන් කරාද දැනුන බලවත් ප්‍රශ්ණයක් වීමට විය.
කලාපයේ රජයන් රටතුල ජීවත්වෙන විදේශික අරාබි හා අප්‍රිකාණු ප්‍රජාවන්ගේ එකාග්‍රතාවය (කොන්සෙන්ට්‍රේෂන්) හීන කරලීමට උත්සුක වූහ.
1975-85 කාලය තුලදී සවුදි අරාබිය හා කුවේට් රාජ්‍යයන් හි ජනගහණය දෙගුණ වූ බව කියැවේ.
මට මහහැරී ගොස් තිබුන වැදගත් ලිපි පෙලක්
ReplyDeleteදිගටම මේ ලිපි පෙල කරගෙන යන්න මිත්‍රයා- ජය පතනවා
@සිංහල පද්‍ය රටා.....sinhala-padya-rata:
ReplyDeleteබොහෝම ස්තුතියි ඔබේ සටහනට.