Wednesday, October 20, 2010

විදේශ රැකියා සඳහා සංක්‍රමණය

අද පොදුවේ යොදා ගන්නා විදේශ රැකියා යන වචනයේ නිවැරදි යෙදුම විදේශ රැකියා සඳහා සංක්‍රමණය වීම ය. මෙ වචනය මුල් කරගෙන මා වෙනස් තැනකින් සටහන පටන් ගන්න අදහස් කරනවා.

සංක්‍රමණය යන්න ශ්‍රී ලංකාවේ ඈත අතීතයකට දිවෙනවා. විවිධ සේවාවන් සඳහා 14වන ශත වර්ෂයේ දී ලාංකික රජවරුන් කළු අප්‍රිකානුවන් වහල් සේවයේ ලංකාවට ගෙනැවිත් ඇත. 15වන ශත වර්ෂයේ දී පෘතුගීසීන් ද, 16 හා 17වන ශත වර්ෂයේ දී ඕලන්දයින් විසින් ද අප්‍රිකානුවන් ලංකාවට ගෙනැවිත් ඇත. ඉන් පැවත එන පිරිස නූතන ලංකාවේ ද වෙසෙති, ඔවුන් කෆ්ෆිර් වරුන් හෙවත් කාපිරි නැමැති පෘතුගීසි සම්බවයක් ඇත්තන් වේ, ලංකාවේ බටහිර ප්‍රදේශවල ද, ත්‍රිකුණාමලය, මඩකලපුව ආශ්‍රිත ප්‍රදේශවල ඔවුන් වෙසෙන බව මාස ගනනාවකට පෙර ලාංකීය ඉංග්‍රීසි මාධ්‍ය පුවත් පතක පලවිය.
Sri Lanka Kaffirs වැඩි විස්තර මෙතැනින්

ඕලන්ද කොටුව ලෙස ප්‍රකට ගාලු කොටු පවුර ගොඩනැගීම්වල කළු ජාතික වහල් ජනයා සේවයකර ඇත.

ඉංග්‍රීසි පාලන කාලයේ දී ඔවුන්ගේ යටත් විජිත ගනනාවකින් ම රැකියා සඳහා ලංකාව තුලට සංක්‍රමණය සිදුව ඇත. ඉන්දීය දමිල ජනකොටස පැමිණීම ප්‍රකට නමුත්, ජාවා (ඉන්දුනීසියාව, මැලේසියාව) රටවල් වලින් ප්‍රධාන වශයෙන් යුද හමුදාවට ද ගෙනැවිත් ඇත.

70 දශකය වනතුරු ද විදේශිකයින් සැලකිය යුතු කොටසක් ලංකාවේ රැකියාවේ යෙදී ඇත. මැදපෙරදිග රැකියා අවස්ථා ඇති වෙන්න කලින් ඉංදියාවේ කේරල, බැංගලෝරය අගනුවර වන කර්නාටක, තමිල්නාඩු, ඔරීසා ප්‍රාන්තයන්හි ජනයා රැකියාවන් සඳහා ලංකාවට පැමිණ ඇත. අදටත් අප රට ගැන ප්‍රශංසාත්මකව කතාකරන එවන් කේරල පවුල් ගනනාවක් මට හමුවී ඇත.

ඔවුන් අප රටට ඇදී එන්න වූ හේතු වූයේ ලංකාවේ පැවැති ආර්ථික පසුබිමය. අප රට ඉංග්‍රීසි පාලනයෙන් නිදහස ලබන කාලයේ රටේ දළ ජාතික නිශ්පාදන (GDP) ඒකකය ඇමෙරිකානු ඩොලර් 49ක් විය, එකල එය දෙවැනි වූයේ ජපානයේ අගය වූ 50ට පමණි.

එවන් රම්‍ය භූමියක අපි විදෙස් රැකියා සඳහා රටින් පිටව යායුතු යුගයක් උදාවිය.

ඉංග්‍රීසි පාලන කාලයේ හා ඉන් පසුව අතලොස්සක් වූ ලාංකීක පිරිසක් බටහිර රටවල විවිධ සේවාවන් සඳහා ගොස් ඇත, ඒ අතර ගෘහ සේවයද තිබී ඇත.

2 comments:

  1. ඉතා වටිනා ලිපියක් ඩීන් අයියා.. විවේක වෙලාවක අනිත් ලිපිත් කියවන්නම්. අපි අපේ ඈත ඉතිහාසය දන්න තරම්වත් මෑත ඉතිහාසය දන්නේ නැහැනේ...

    බ්ලොග් එක දැක්කේ අදයි..

    ReplyDelete
  2. @Chathura Wijekoon|චතුර විජේකෝන්:
    බොහෝම ස්තුතියි මල්ලී සටහනක් එකතු කරාට.

    අපේ රටේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් දෙන රැකියා අංශය ගැන විස්තරයක් ගෙන ඒමයි අදහස. මේ දිනව ඇති කාර්යබහුලතාවය නිසා අලුත් ලිපි එකතු කරන්න ලැබුණේ නැහැ, ඉක්මනට අලුත් ලිපි එකතුකරන්න අදහස් කරමි.

    ReplyDelete