Wednesday, October 20, 2010

හැඳින්වීම

පතොක් පැලය කර්කශ පොළොවක වැඩෙන්නක් හැටියට නම් දරන ශාකයකි. ඝණ පත්‍ර ඇති, උල් කටු පිරුණ, හැඩයක් නැති ගොරහැඬි විශාල පැලවල සිට ගේ දොර අලංකාරය පිණිස වගාකරන හුරුබුහුටි ගෘහස්ත ශාක දක්වා විවිධ හැඩ හා ප්‍රමාණයේ ශාක පතොක් කුලයට අයත්වේ. පමණක් පතොක් වර්ගවල චූටි ලස්සන මල් ද හටගනී. පතොක් ශාක කුලය කැක්ටස් (cactus) නමින් ඉංග්‍රීසි බසින් හඳුන්වයි. රූපලාවන්‍ය හා බෙහෙත් පැලෑටියක් ලෙස සැලකෙන කෝමාරිකා (aloe veraa - ඇලෝ වෙරා) ද පතොක් කුලයට අයත් වටිනා පැලයකි.

අපේ සමාජය හා මැදපෙරදිග රැකියා එකිනෙකට තිරසට හා සිරසට ඇදී දුවමින් සැකසුන වියමනක තන්තු මෙනි. ඉන් සමස්ත ලාංකීය සමාජයට හා ආර්ථිකයට ඉටු කෙරෙන සේවය සුළු පටු නොවේ, ඒ නිසා ම එය වටිනා වියමනකි. ඒ නිමැවුම දකින්න ලස්සන වුවුත් ඒ තන්තූන් බැඳ තබා ගැනීමේ උත්සාහයත් ඒ අතර සැඟවී ඇති දහසක් දෑ, මොස්තරයට පාට කලත් ඉන් යටකර ඇති "අමු රෙදිකඩ", කැඳ යොදා පිරිමැද පෙන්නුවත් ඇති කඩා වැටෙනසුළු බව; ආදියෙන් අඩුවක් නැත.

කාෂ්ඨක පරිසරයක ඔට්ටු අල්ලන දිරිය මිනිසුන් ගේ දහඩිය මුතුවලින් ජීවය ලබා, වැඩී කෝමාරිකාවන් මෙන් සමනය කරන "මැදපෙරදිග රැකියා" සම්බන්දව කරන විමසුමක් ගෙනෙන්න සැරසෙන වගයි... පතොක් යාය.

පලමුව, මේ විෂය හා සම්බන්ධව සීගිරිය.කොම් හි මා ඉදිරිපත් කල ලිපි පෙලක් කොටස් වශයෙන් පතොක් යායෙහි දිගැහැරේ.

4 comments:

  1. මම කාගෙ හරින් අතින් ලියවිලා කතා කරනව දකින්න බලාපොරොත්තු වුණ මාතෘකාවක්, කාටහරි මැද පෙරදිග රැකියා සෙවීමේ ඇත්ත දැනගෙන ඒ රටාවට තමන් ගැලපෙනව නම් එන්න මග කියන ගයිඩන්ස් එකක් වගේ ...
    අඩුම ගනනෙ එක්කෙනෙක් දෙන්නෙක්වත් කියවල තේරුම අරගත්තොත් ලොකු දෙයක් නෙ..

    ReplyDelete
  2. @චේජනා:

    බොහෝම ස්තුතියි නංගී පතොක් යායේ පළමු සටහන තැබුවාට.

    මෙය කාලයක් සිට උනන්දුවෙන් සිටි විෂයක්. වැඩ අතර වෙලාව සකසා ගැනීමට ඇති අසීරුව නිසා යට ගැහුනා. විවේකය ලැබෙන පරිදි ඉස්සරහට ගෙනියන්න අදහස් කරනවා.

    ReplyDelete
  3. පතොක්යායට පිවිසුනෙමි....

    පැහැදිලි දැක්මක්..උතුරායන මනුස්සකමක්...මහත් වූ දැනුම් සම්භාරයක්..කැටිකොට ගෙන වියළි කතරේ හෙමි හෙමින් හිසඔසවනු දුටිමි...

    කවුරු කවදා හෝ සංවාදයට බඳුන් කළයුතුව තිබූ වැදගත් ඉසව්වක් විවර කළ ඔබට මගේ සුභ පැතුම් සහෝදරයා...

    ඉඩහසර ඇතිපරිදි ඇවිත් හමුවෙන්නම්...

    සුලා..

    ReplyDelete
  4. @සුලා:
    බොහෝ හරසරින් පිලිගන්නවා පතොක් යායට.

    බොහෝම ස්තුතියි සුභ පැතුම් සමුදායට, ඔබ හැමගේ උදව් උපකාරයෙන් තවත් ගමනක් ඉදිරියට ඇදෙන්න සූදානම.

    ReplyDelete