Friday, November 26, 2010

මැදපෙරදිග ගෘහ සේවා රැකියා අවස්ථා බහුලවීම

70 දශකය මුල අරාබියානු අර්ධද්වීපයේ ඛණිජ සම්පත් සොයා ගැනීමත් එසමඟම වූ ඛණිජ තෙල් මිල ඉහළයෑමත් නිසාම ඇතිවූ සමාජ අර්ථික දියුණුව කලාපයේ රටවල පුරවැසියන්ගේ ජීවන තත්වය කෙරෙහි වඩාත් ප්‍රබල බලපෑමක් ඇති කලේය. ඒ අතරින් රැකියා සඳහා ස්වදේශිකයින් ගේ රටතුල ඇතිවූ සංක්‍රමණය හා නාගරීකරණය ප්‍රධාන තැනක් ගනී; එහි ප්‍රථිඵලයක් සේ ඇතිවූ සම්ප්‍රදායීක න්‍යශ්ඨික පවුල් ඒකකයෙන් ඈත්වීමෙන් සැකසෙන කුඩා පවුල් ඒකක හා ආර්ථික හැකියාව එදිනෙදා ගේ දොර කටයුතු ඉටුකර ගැනීම සඳහා ශ්‍රමිකයින් කොටසකගේ අවශ්‍යතාවය වැඩි කලේය.

සම්ප්‍රදායීකව අරාබිකරයේ ග්‍රාමීය කර්මාන්තවල හා ගෘහ සේවයේ යෙදී සිටියේ අවට අරාබි රටවලින් හා අප්‍රිකාණු රටවලින් පැමිණ පදිංචි වූ පිරිසය. ඒ අතර ඉන්දීය, පාකිස්තානු හා ඉන්දුනීසියනු වැසියන් ද වූහ. මුල් කාල වලදී මොවුන් නිදහසේ පැමිණ පදිංචි වී ඇත.

කලාපයේ ආර්ථික දියුණුවත් සමඟ ඇති වූ රැකියා සඳහා මුල් කාලයේ දී අප්‍රිකාණු හා අවට අරාබි රටවලින් සංක්‍රමණය වූ පිරිස ක්‍රම ක්‍රමයෙන් තම පවුල් හා ඥාතීන් ද ගෙන්වා ගත්තේය. කලාපයේ ඇතිවූ ගෘහස්ත රැකියා අවස්ථා කෙරෙහි ඔවුන් ද බහුලව ඇදුනෝය.

පසුගිය ලිපියකින් විස්තර කල පරිදි, පසුකාලීනව කලාපීය රජයන් ක්‍රියාවට නැංවූ ප්‍රතිපත්තිමය තීරණ (මැදපෙරදිග සංවර්ධනය, විදේශික ජනගඟ හා බලපෑම) අනුව මෙකී ශ්‍රමිකයින්ගේ සේවය ලබා ගැනීම දුෂ්කර විය.

කලාපයේ ගෘහ සේවා සඳහා සීමිත කොන්ත්‍රාත් කාලයකට යටත්ව මනා ආගමන-විගමන නීති වලට අනුකූලව ශ්‍රමිකයින් ගෙන්වීමට මැදපෙරදිග රජයන් කටයුතු සැකසුවෝය. ඒ අනුව ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය, ඉන්දුනීසියාව හා අප්‍රිකාණු රටවලින් කතුන් ගෙන්වීම සිදුවිය.

එහෙත් 70 දශකයේ මැද දී පාකිස්තානු රජය එරට කතුන් ගෘහ සේවයට යැවීම නීතියෙන් තහනම් කරන ලදි.

ශ්‍රී ලංකාව මැදපෙරදිග රැකියා සැපයුමට පිවිසෙනුයේ 70 දශකයේ අග භාගයේ දී ය. ඒ වෙන විට සිදුවෙමින් පැවැති කඩිනම් සංවර්ධන කාර්යයනට අදාල මිනිස් ශ්‍රමය සැපයුම නොයෙක් රටවල් අතට පත්වී තිබුණි. අලුතින් ආරම්භ කර ලාංකික රැකියා ඒජන්සිවලට පහසුවෙන් ඇතුලත් විය හැකි මාර්ගය වූයේ හොඳ ඉල්ලුමක් සැකසී තිබුණ ගෘහ සේවා අංශයයි. ඒ අනුව මැදපෙරදිග රැකියා ලෙස ගෘහ සේවිකාවෝ හා ගෘහ රියදුරු ආදිය අවස්ථාවන් එළි දුටුවේය.


පසුකාලීනව බංගලාදේශය (1980 මුල දී), ඉන්දියාව (1990 මුල දී), නේපාලය (1990 අග දී) මැදපෙරදිගට ගෘහ සේවිකාවෝ යැවීම නතර කලේය. ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව ද විටින් විට තාවකාලික තහනම් ක්‍රියාත්මක කලේය.

4 comments:

  1. මේ දක්වා ලස්සනට පෙල ගස්වා තිබු කරුණු ආසාවෙන් කියෙව්වෙමි
    නොදන්න බොහෝ දෑ තිබිනි
    දිගටම මේ වටිනා ලිපි පෙල ලියමු ඩීන් සහොදරයා
    "ජය"

    ReplyDelete
  2. @සිංහල පද්‍ය රටා.....sinhala-padya-rata said...:
    මේ වෙන විට අපේ රටේ ආර්ථිකයට ලොකු හයියක් ලබාදෙන ඉපැයුම් මාර්ගයක් විදේශ රටවල සේවය කරන ලාංකිකයින්ගේ ඉපැයීම. ඒ අතරින් මැදපෙරදිග රැකියා ප්‍රධාන වේ. රටට විදේශ විනිමය ගෙනෙන මේ පිරිස ඒ වෙනුවෙන් විඳින දුක් කරදර, අනන්තවූ දුෂ්කරතා එමටයි. එහෙත් අවාසනාවට රන්කහවනු ගැනීම විතරයි කෙරෙන්නේ ඒවා ලබා දෙන පිරිස හා වාතාවරණය ගැන තැකීමක් නැහැ. ඒ ගැන දැනුවත් කිරීමක් උදෙසා පතොක් යාය...

    බොහෝම ස්තුතියි සහෝදරයා ඔබේ සටහන දිරියක්.

    ReplyDelete
  3. මගෙ කට කහනව සහෝදරයා...හිතට එන ඒව ලියා ගන්න වෙලාවක් නැහැ නෙව..මේ ගැන දිගටම ලියන්න...අනාගතයේ හෝ සමාජය දැනුවත් වේවි.

    සුලා..

    ReplyDelete
  4. @සුලා:
    තවම ලංකාවේ අපිට අදාල මුලාරම්භය ගැන ලියන්නේ. ඉන්පසුව ඉදිරියේ දී ලැබෙන ඉඩකඩ අනුව ලියන්න බලමු. මේ පොස්ට් එකක් සකසන්න ගතවෙන කාලය හොයා ගැනීම තමයි අමාරු. ඒත් දිගටම කරනවා.

    බොහෝම ස්තුතියි මලේ සටහනට.

    ReplyDelete