1977 දී පත්වූ නව රජයේ වෙළඳ ප්‍රතිපත්තිය වූයේ නිදහස් ආර්ථික ක්‍රමයයි. නව ආර්ථික ක්‍රමය හමුවේ ජනතාවගේ උවමනා එපාකම් ද සීග්‍රව වෙනස් විය. ශ්‍රී ලංකාව මැදපෙරදිග රැකියා සැපයුමට පිවිසීම සමඟ එම රැකියා අවස්ථාවන් නාගරීක සමාජයේ ප්‍රචලිත විය.
මැදපෙරදිග ගෘහ සේවා රැකියා අවස්ථා බහුලවීම ප්‍රයෝජනයට ගත් ලාංකීය රැකියා එජන්සි ගෘහ සේවාවන් සඳහා යැවීමට නාගරීක කාන්තාවන් නැඹුරු කරගැනීමට අසීරුවක් නොවිය. මැදපෙරදිග රැකියා ක්‍රමයෙන් නගරාසන්න ජනකොටස් ද ආකර්ෂණය කරගන්න එතරම් කාලයක් ගත වූයේ නැත.
80 දශකයේ තෙල් මිල පහත වැටීම මැදපෙරදිග රැකියා කෙරෙහි බලපෑවේය. වියදම් අවම කරන ක්‍රමයක් ලෙස අඩු මුදලට සේවාවන් ලබා දෙන ආයතන මැදපෙරදිග කලාපයේ බිහි විය, අනිටු ප්‍රතිපලයක් හැටියට රැකියාවනට ගෙවන පඩිය ද අඩුවිය. මේ තත්වයට මුහුණ දීමට මැදපෙරදිග රැකියාවනට ශ්‍රම බලකාය සපයන පාර්ශවයන්ට සිදුවිය. එහෙත් අප රටතුල වැඩි වෙමින් පැවැති රැකියා ඒජන්සි අතරද අඩු වියදම් සැපයීමේ තරඟය ඇතිවිය.
රටතුල ඇති වූ නිදහස් ආර්ථික ක්‍රමය සමඟ තදට වසා තිබූ ගේට්ටු හැර රටතුලට එකී මෙකී නොකී හැම දෙයම ගලා එන්නට විය. නිෂ්පාදන වියදම අනුව ආනයනික භාණ්ඩ සමඟ තරඟ කරන්න සමත් නොවූ දේශීය කර්මාන්ත ඇද වැටෙන්නට වුනි. එවන් පසුබිමක රැකියා හිඟයක් මතු වේ.
ග්‍රාමීය සමාජයද මැදපෙරදිග රැකියාවන් සොයා නගරයට ඇදෙන්නට විය. එය මැදපෙරදිග සේවාදායකයින් ගෙන් ගිලිහී ගිය දීමනා රැකියා බලාපොරොත්තුවෙන් එන පිරිසගෙන් පියවා ගැනීමට රැකියා ඒජන්සි හා අතරමැදියනට වාසිදායක විය.
තවද උතුරු නැගෙනහිර පාලත්වල පැවති නොසන්සුන්තාවය හා බලපෑම එම පලාතේ ජනයා රැකියා ඒජන්සි වලට ගොදුරු කලේය.
Monday, February 21, 2011
Monday, January 3, 2011
80 දශකයේ තෙල් මිල පහත වැටීම හා මැදපෙරදිග රැකියා
රටතුල විදේශ රැකියා සපයන ප්‍රමුඛ පෙලේ ඒජන්සි යහපත් සේවාවක් ලබා දෙමින් ආර්ථික වශයෙන් වාසි ලබා ගනිත්ම දේශපාලන (1977 පත්වූ රජයේ) ආශීර්වාදය ලද්දෝ ද නව වෙළෙඳ පොළට අවතීර්ණ වූහ. එහෙත් මේ වන විටත් මැදපෙරදිග රැකියා සැපයුම අත්පත් කරගෙන සිටි අනෙක් රටවල මූලයන් සමඟ තරඟ කිරීමට නොහැකි ලාංකීය රැකියා ඒජන්සි කෙරෙහි ද බලපෑමක් ඇතිවිය. ඔවුන් පැවැති රජයේ ද ආශීර්වාදය ඇතුව මැදපෙරදිග මතු වූ ගෘහ සේවා ඉල්ලුම සැපිරීමට ක්‍රියා කළෝය. රැකියා ඒජන්සි උකුසු ඇස මතුකර ගෘහ සේවිකා සේවාවනට පලමුව ගොදුරු වූයේ නාගරීක කාන්තාවන්ය.
1980 දශකය මුල වෙද්දී මැදපෙරදිග කඩිනම් සංවර්ධන ක්‍රියාදාමයේ බොහෝ නව ඉදිකිරීම්, විදුලි බල, ජල සැපයුම් ආදී යටිතල පහසුකම් ක්‍රියාත්මක කිරීමේ අවධියට පත්විය. ඉන් ඇතිවූ ක්‍රියාත්මක කිරීමේ (operations) හා නඩත්තු කිරීමේ (maintenance) අංශයේ රැකියා අවස්ථා උදාවිය. මේ අංශයේ රැකියාවල පඩි මට්ටම අඩුය. එහෙත් දිගුකාලීන ලෙස අප රටට ලබුණ රැකියා අවස්ථාවන් බහුල වශයෙන් මෙ අංශයේ විය.
1985 කාලය වෙද්දී ලෝක වෙළෙඳ පොලේ ඛණිජ තෙල් මිල සීග්‍ර ලෙස පහතට වැටෙන්න පටන් ගැනුනි. එය මැදපෙරදිග රටවල සිදුවෙමින් පැවැති කඩිනම් සංවර්ධන කාර්යයන් අඩාල කිරීමට හේතු විය. එහි ප්‍රතිවිපාක ලෙස ආසියාතික රැකියා සංක්‍රමිකයින් තුනෙන් එකක් දක්වා අඩුවූ බව කියැවේ, ඔවුන් ප්‍රධාන වශයෙන් ඉදිකිරීම් හා ගොඩනැගීම් කර්මාන්ත අංශයට අයත් වූහ. මෙවන් අංශ වල ලාංකික ශ්‍රමිකයින් අවම වූ නිසා එතරම් බලපෑමක් නොවිය.
මේ අවධිය වෙද්දී නිමාවෙමින් පැවති යටිතල පහසුකම් හා සේවාවන් ක්‍රියාත්මක කිරීමේ හා අදාල අධිකාරීන්ට පැවරීමේ අදියරයට එලඹී තිබීමත්, ඛණිජ තෙල් ආදායම පහත වැටීමෙන් ඇතිවූ වියදම් කප්පාදුවත් හේතුවෙන් සේවා අංශයේ වියදම් අඩු කිරීමට ලක්විය. ඒ අනුව සේවා අංශයේ රැකියා අවස්ථාවන් කෙරෙහිද බල්පෑමක් ඇති කලේය.
කල්යත්ම ඉහතකී මැදපෙරදිග සේවාවන් සපයන ආයතන (service providers) අතර තරඟයක් ඇතිවී සාපේක්ෂව අඩු මුදලට සේවා ලබාදෙන ආයතන බිහිවිය. ඉන් වූයේ නුපුහුණු ශ්‍රමික කුලකයට තරඟ කිරීමට බංගලාදේශය, නේපාලය වැනි රටවල් ද එක්වීමයි.
මැදපෙරදිග සේවාවන් සපයන ආයතන අඩු වියදම් මාර්ග වලට අවනත වෙන අතර ලංකාවේ රැකියා ඒජන්සි ඒ පාඩුව රැකියා බලාපොරොත්තු වූවන් ගෙන් පිරිමසා ගන්න පටන් ගැනුනි. ඒ අනුව රැකියා බලාපොරොත්තු වෙන් විශාල මුදලක් ඒජන්සි වලට ගෙවීමට සිදුවිය. ඒ ප්‍රවණතාවය හතු පිපෙනාක් මෙන් බිහි වූ ආයතනද ඒ තුලින් හොර වංචා ද ඇති කලේය.

Friday, November 26, 2010
මැදපෙරදිග ගෘහ සේවා රැකියා අවස්ථා බහුලවීම
70 දශකය මුල අරාබියානු අර්ධද්වීපයේ ඛණිජ සම්පත් සොයා ගැනීමත් එසමඟම වූ ඛණිජ තෙල් මිල ඉහළයෑමත් නිසාම ඇතිවූ සමාජ අර්ථික දියුණුව කලාපයේ රටවල පුරවැසියන්ගේ ජීවන තත්වය කෙරෙහි වඩාත් ප්‍රබල බලපෑමක් ඇති කලේය. ඒ අතරින් රැකියා සඳහා ස්වදේශිකයින් ගේ රටතුල ඇතිවූ සංක්‍රමණය හා නාගරීකරණය ප්‍රධාන තැනක් ගනී; එහි ප්‍රථිඵලයක් සේ ඇතිවූ සම්ප්‍රදායීක න්‍යශ්ඨික පවුල් ඒකකයෙන් ඈත්වීමෙන් සැකසෙන කුඩා පවුල් ඒකක හා ආර්ථික හැකියාව එදිනෙදා ගේ දොර කටයුතු ඉටුකර ගැනීම සඳහා ශ්‍රමිකයින් කොටසකගේ අවශ්‍යතාවය වැඩි කලේය.
සම්ප්‍රදායීකව අරාබිකරයේ ග්‍රාමීය කර්මාන්තවල හා ගෘහ සේවයේ යෙදී සිටියේ අවට අරාබි රටවලින් හා අප්‍රිකාණු රටවලින් පැමිණ පදිංචි වූ පිරිසය. ඒ අතර ඉන්දීය, පාකිස්තානු හා ඉන්දුනීසියනු වැසියන් ද වූහ. මුල් කාල වලදී මොවුන් නිදහසේ පැමිණ පදිංචි වී ඇත.
කලාපයේ ආර්ථික දියුණුවත් සමඟ ඇති වූ රැකියා සඳහා මුල් කාලයේ දී අප්‍රිකාණු හා අවට අරාබි රටවලින් සංක්‍රමණය වූ පිරිස ක්‍රම ක්‍රමයෙන් තම පවුල් හා ඥාතීන් ද ගෙන්වා ගත්තේය. කලාපයේ ඇතිවූ ගෘහස්ත රැකියා අවස්ථා කෙරෙහි ඔවුන් ද බහුලව ඇදුනෝය.
පසුගිය ලිපියකින් විස්තර කල පරිදි, පසුකාලීනව කලාපීය රජයන් ක්‍රියාවට නැංවූ ප්‍රතිපත්තිමය තීරණ (මැදපෙරදිග සංවර්ධනය, විදේශික ජනගඟ හා බලපෑම) අනුව මෙකී ශ්‍රමිකයින්ගේ සේවය ලබා ගැනීම දුෂ්කර විය.
කලාපයේ ගෘහ සේවා සඳහා සීමිත කොන්ත්‍රාත් කාලයකට යටත්ව මනා ආගමන-විගමන නීති වලට අනුකූලව ශ්‍රමිකයින් ගෙන්වීමට මැදපෙරදිග රජයන් කටයුතු සැකසුවෝය. ඒ අනුව ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය, ඉන්දුනීසියාව හා අප්‍රිකාණු රටවලින් කතුන් ගෙන්වීම සිදුවිය.
එහෙත් 70 දශකයේ මැද දී පාකිස්තානු රජය එරට කතුන් ගෘහ සේවයට යැවීම නීතියෙන් තහනම් කරන ලදි.
ශ්‍රී ලංකාව මැදපෙරදිග රැකියා සැපයුමට පිවිසෙනුයේ 70 දශකයේ අග භාගයේ දී ය. ඒ වෙන විට සිදුවෙමින් පැවැති කඩිනම් සංවර්ධන කාර්යයනට අදාල මිනිස් ශ්‍රමය සැපයුම නොයෙක් රටවල් අතට පත්වී තිබුණි. අලුතින් ආරම්භ කර ලාංකික රැකියා ඒජන්සිවලට පහසුවෙන් ඇතුලත් විය හැකි මාර්ගය වූයේ හොඳ ඉල්ලුමක් සැකසී තිබුණ ගෘහ සේවා අංශයයි. ඒ අනුව මැදපෙරදිග රැකියා ලෙස ගෘහ සේවිකාවෝ හා ගෘහ රියදුරු ආදිය අවස්ථාවන් එළි දුටුවේය.
පසුකාලීනව බංගලාදේශය (1980 මුල දී), ඉන්දියාව (1990 මුල දී), නේපාලය (1990 අග දී) මැදපෙරදිගට ගෘහ සේවිකාවෝ යැවීම නතර කලේය. ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව ද විටින් විට තාවකාලික තහනම් ක්‍රියාත්මක කලේය.

Monday, November 15, 2010
ශ්‍රී ලංකාව මැදපෙරදිග රැකියා සැපයුමට පිවිසීම
1977 ජූලි මහා මැතිවරණයෙන් නව රජයක් පත්විය. නව රජය මැදපෙරදිග රැකියා අවස්ථාවන් ප්‍රයෝජනයට ගත්තේය. දේශපාලන ආශීර්වාදය ඇත්තෝ ඒජන්සි වරම් ලැබුවාය. එහෙත් වගකීමෙන් ක්‍රියාකල ප්‍රමුඛ පෙලේ ඒජන්සි අතලොස්සක් ද විය.
ඒ කාලය වෙද්දී මැදපෙරදිග සිදුවෙමින් පැවැති සීග්‍ර යටිතල පහසුකම් හා ඉදිකිරීම් කර්මාන්තයේ බටහිර රටවල්, තුර්කිය හා කොරියාව අත විය. ඔවුන් ගේ මිනිස් ශ්‍රම බලකයේ පුහුණු, අර්ධ පුහුණු හා නුපුහුණු ආදී අවශ්‍යතා පිරවීමට කොරියාව, තායිලන්තය, තුර්කිය, ඉන්දියාව, පාකිස්තානය හා අවට අරබි රටවල් වලින් සිදුවිය. ඉහළ ශ්‍රේණිවල කළමණාකරණය හා තාක්ෂණික අංශ කොරියානු, තුර්කි හා බටහිර දේශවල වැසියන්ගෙන් සැකසිනි.
මෙවන් පසුබිමක මැදපෙරදිග රැකියා අවස්ථා උදාවුවද ඒ වෙන විටත් මිනිස් ශ්‍රම සැපයුම් මාර්ගයන් අත්පත් කරගෙන සිටි විදෙස් රටවල සමාගම් හා ගැටී මැදපෙරදිග මිනිස් ශ්‍රම සැපයීමේ වෙළෙඳ පොළට අවතීර්ණ වීම ලෙහෙසි නොවිය. එවන් වාතාවරණයක් පැවතුනද ලංකාවේ පත්වූ නව රජය හා බිහිවූ විදේශීය රැකියා සපයන ඒජන්සි රැකියා අවස්ථා රාශියක් රටතුලට ගෙන ඒමට සමත්විය. ඉන් ගොඩනැගිලි ඉදිකිරීමේ කර්මාන්තයට අදාල රැකියා නිපුනත්වයක් තිබූ අය වාසි ලැබුවාය.
ඛණිජ තෙල් ආදායම යහපත් වෙන අතරම මැදපෙරදිග රටවල සංවර්ධන ක්‍රියාදාමය ද සීග්‍රවිය. එකී සංවර්ධන ක්‍රියාදාමයේ ඉදිකිරීම් අංශවල නියැලුණ පිරිසට සැකසූ ඉදුම්-හිටුම් හා ආහාරපාන සැපයීමේ අංශය, විවිධ පහසුකම් හා සේවා සපයන අංශය ආදිය ඇතිවිය. ඉන් විශාල නුපුහුණු ශ්‍රම බලකායක අවශ්‍යතාවය පිරවීමේ අවස්ථා ද අප රටට හිමිවිය. එහෙත් ඔවුනට සැලකිය යුතු පඩියක් හිමි විය.
මුල් කාලයේ දී රැකියා ඒජන්සි මිනිස් ශ්‍රම සැපයුම් සඳහා තම සේවාදායක ආයතන වලින් යහපත් ගෙවීමක් ලැබුවෝය. ඔවුන් මගින් රැකියා ලබා ගත් පිරිස ද කිසිඳු ගෙවීමකින් තොරව රැකියා වලට ගියෝය. මුල්කාලයේ වගකීමෙන් ක්‍රියා කල ඒජන්සි තමුන් හරහා රැකියාවට ගිය අය ගැන සොයා බැලූ අතර ඒ පුද්ගලයින් ගේ අසනීප තත්වවලදී ඔවුන් ගෙන්වා ගැනීම, පවුලේ මරණයක් වැනි හදිසි තත්වයකදී රැකියා කරන සමාගම් සමඟ පණිවුඩ හුවමාරු කිරීම, නිවාඩුවට යන එන අතර සිදුවිය යුතු දේ සැකසීම ආදී සේවක සුබසාධන කටයුතු ද ඉටු කලෝය. එවන් ඒජන්සි හා රැකියා සඳහා ගිය අය අතර සුහදතාවය කෙබඳු ද කියනවා නම් නිවාඩුවට ගම රට බලා එන උදවිය ඒජන්සි සේවක මඩුල්ලට ද තෑගි බෝග ගෙන එන්න තරම් කුළුපඟ විය.
එදා අද තරම් පණිවුඩ හුවමාරු ක්‍රම සුලභ නැත. මැදපෙරදිග කෙලෙවරක් තනිවූ අය හා පවුලේ අය අතර වූ එකම කවුළුව ලියුම් කඩදාසියක් පමණකි. දෙපැත්තේ ලියුම් ගනුදෙනුව ඇනහිටී අවස්ථාවක ඒජන්සි කරා යන පවුලේ උදවියට ෆැක්ස් පණිවුඩයක්, දුරකතන ඇමතුමක් මගින් සමාගම් අමතා විස්තර දැන ගැනීම ආදී මානුෂික මෙහෙවරකට අත දීමට ඔවුන් පසුබට නොවූහ.

Sunday, October 31, 2010
ශ්‍රී ලාංකිකයිනට මැදපෙරදිග රැකියා අවස්ථා උදාවීම
මැදපෙරදිග සංවර්ධනය, විදේශික ජනගඟ හා බලපෑම යන සටහන ඔස්සේ ගෙනහැර දැක්වූ කරුණු අනුව විදේශික අරාබි හා අප්‍රිකාණු සංක්‍රමණිකයින් ගෙන් ස්වදේශික ජන කොටස කෙරෙහි ඇති වන අනිටු බලපෑම උදාසීන කරන පියවරක් හැටියට නව සංවර්ධන කාර්යයනට උවමනා කරන මිනිස් ශ්‍රම බලකාය දකුණු ආසියාතික රටවලින් හා පිලිපීනයෙන් ලබා ගැනීමට මැදපෙරදිග රාජ්‍යයන් ක්‍රියා කලෝය.
නොබැඳි ජාතීන්ගේ 5 වන සමුළුව 1976 අගෝස්තු 16-19 දිනවල කොළඹ දී පැවැතිනි. අරාබි රටවල් මෙන්ම මැදපෙරදිග රාජ්‍යයන් සියල්ලම වගේම, ඉරානය, ඉරාකය, අප්‍රිකානු රටවල් ද මෙම සංවිධානයේ සාමාජිකයන් වූහ. නොබැඳි ජාතීන්ගේ හවුල වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් සිදු වූ කාර්යභාරයට කෘතගුණ සැලකීමක් හා රටේ දියුණුවට අත දීමක් ලෙස සමුළුවට සහභාගී වූ මේ රටවල රැකියා අවස්ථා ලබා දුන්නා. ඒ අතර මැදපෙරදිග රටවල් වලට අමතරව උතුරු අප්‍රිකාණු රටක් වන ලිබියාව, දකුණු අප්‍රිකාණු රටක් වන නයිජීරියාව, ඉරාකය, ඉරානය, ඒ කාලයේ දෙකඩව තිබූ උතුරු හා දකුණු යේමන, ජොර්දානය, සිරියාව හා ලෙබනනය ද විය.
මෙකී රැකියා අවස්ථාවන් මගින් මුල් කාලයේ දි පලපුරුදු, ඒ ඒ ක්ෂේත්‍රවල උසස් නිපුණත්වයක ඇති පිරිසක් එකී රටවල රාජ්‍ය අනුග්‍රහයක් ඇති ආයතනවල රැකියා ලැබුවා. ඒ අතර නම් දැරූ ඛණිජ තෙල් අංශය හා සම්බන්ධ පලමු පෙලේ ආයතන විය, එම පිරිස ඒ ආයතනවල සෘජුවම සේවය කර පිරිස විය.
එහෙත් එවකට පැවැති ලක් රජය ඒ කාලයේ මැතිවරණයකට සූදානමින් සිටි නිසා දෝ මෙ රැකියා වරම් එතරම් මතුකරගන්න උත්සුක වූ බවක් පෙනෙන්ට නොවිය.
තවද ඒ වෙන විට රැකියා බහුලව පැවැති ඉදිකිරීමේ කර්මාන්තය සඳහා උවමනා කල පුහුණු, අර්ධ පුහුණු හා නුපුහුණු ශ්‍රමබලකාය පිරවීමට කොරියාව, තායිලන්තය, තුර්කිය, ඉන්දියාව, පාකිස්තානය හා අවට අරබි රටවල් සමත් වී තිබීම නිසා ඒ ක්ශේත්‍රයන් තුලට එඹිකම් කිරීමේ අවස්ථාව ද සීමිත විය.

Monday, October 25, 2010
මැදපෙරදිග සංවර්ධනය, විදේශික ජනගඟ හා බලපෑම
අරාබියානු අර්ධද්වීපයේ අලුතින් ඛණිජ සම්පත් සොයා ගැනීමත්, සීමිත ප්‍රදේශයක අණසක පැවති කලාපීය/ගෝත්‍ර මූලික සමාජය නව රාජධානීන් ලෙස මැනවින් සංවිධානය වීමත් සමඟම අරාබියානු ගල්ෆ් රටවල (සවුදි අරාබිය, ඕමන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේට් හා බහරේන් එකතුව සෑදෙන GCC) සංවර්ධන කාර්යය කෙරෙහි වඩාත් උනන්දුවක් ඇති විය. 1973 වසරේ ලෝක වෙළෙඳ පොලේ ඛණිජ තෙල් මිල ඉහළ යෑමෙන් ලද ආර්ථික වාසිය එයට තවත් අනුබලයක් විය. එහෙත් අරාබියානු ගල්ෆ් රාජ්‍යයන් මුහුණපෑ ප්‍රධානතම බාධකය වූයේ එරටවල පැවැති මිනිස් ශ්‍රම බලකායේ හිඟයයි, එම රටවල් හයේ සමස්ත මිනිස් ශ්‍රම බලකාය මිලියන 1.36ක් විය.
මුලදී, අරාබියානු ගල්ෆ් රටවල පුහුණු හා නුපුහුණු මිනිස් ශ්‍රම අවශ්‍යතාවය ඊජිප්තුව, යේමනය, පලස්තීනය, ජොර්දානය, ලෙබනන්, සිරියාව හා සූඩානය වැනි අවට අරාබි රටවලින් ද අනෙකුත් අප්‍රිකාණු රටවලින් ද පකිස්තානය හා ඉන්දියාවෙන් ද සැකසිනි.
තාක්ෂණික අංශයේ ඉහල රැකියා අවස්ථා බටහිර හා දියුණු රටවල සමාගම් අත්කර ගත්තේය. ඉදිකිරීම් අංශයේ බහුතරය තුර්කි හා කොරියානු සමාගම් අත්පත් කරගත් අතර ඔවුන්ගේ වැසියන් සේවයේ යොදා ගත්තේය.
අප්‍රිකාණු හා අවට අරාබි රටවලින් අරාබි අර්ධද්වීපයේ රැකියාවනට සංක්‍රමණය වීම පුරාණයේ සිට පැවැතී ඇත. නව රැකියා දොරටු විවෘත වීමත් සමඟ ඇතිවූ ගැලීම හා බලන කල එය ඉතා කුඩාය. අප්‍රිකාණු හා අවට අරාබි රටවලින් ආ ජනකොටස් ඔවුන්ගෙන් සම්බවය අනුව සැදුම්ලත් කුඩා ජනාවාස තැන තැන ඇතිවී කාලයත් සමඟම ඔවුනට ආවේණික භාෂාමය, සංස්කෘතික, සිරිත්-විරිත්, ආදී විවිධ බලපෑම් ස්වදේශික ප්‍රජාවන් කෙරෙහි බලපාන්න පටන් ගැනින. සංඛ්‍යාත්මකව හැකිලීමට පත්ව සිටි වඩාත් සම්ප්‍රදායික/ආරක්ෂනවාදී ස්වදේශික ජන කොටස් වලට මේ බලපෑම තදින් දැනෙන්නට විය, එය කලාපයේ රාජ්‍යතන්ත්‍රයන් කරාද දැනුන බලවත් ප්‍රශ්ණයක් වීමට විය.
කලාපයේ රජයන් රටතුල ජීවත්වෙන විදේශික අරාබි හා අප්‍රිකාණු ප්‍රජාවන්ගේ එකාග්‍රතාවය (කොන්සෙන්ට්‍රේෂන්) හීන කරලීමට උත්සුක වූහ.
1975-85 කාලය තුලදී සවුදි අරාබිය හා කුවේට් රාජ්‍යයන් හි ජනගහණය දෙගුණ වූ බව කියැවේ.

Thursday, October 21, 2010
මැදපෙරදිග/ගල්ෆ් රාජ්‍යයන්
අරාබියානු අර්ධද්වීපය (Arabian Peninsula) නොයෙකුත් විදේශික පාලනයනට යටත්ව තිබී ඇත. භූගෝලීය පිහිටීම හා ස්වභාවීක සම්පත් වන ඛණිජ තෙල් හා ගෑස් සංචිතය නිසා මෙ කලාපය ලෝක ආර්ථික සිතියමේ වැදගත් තැනක් ගනී.
මෙ කලාපයෙ විශාලතම භූමි ප්‍රමාණයක් අයත් වන්නේ සවුදි අරාබියට ය. විවිධ ගෝත්‍රයන් (tribe) විසින් ඔවුනට අදාල පලාත් වෙන්කරගෙන පාලනය කර ඇති මෙ රට එකමුතු කර වර්ෂ 1932 දී සවුදි අරාබියානු රාජධානිය පිහිටුවා ඇත.
ඊට යාබද ඉරාක දේශ සීමාවේ පිහිටි කුවේට් රාජ්‍යය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලාබා ඇත්තේ 1961 දීය.
සවුදි අරාබියට දකුණු දෙසින් පිහිටි යේමනය කලාපයේ පැරණිතම රාජ්‍යය වේ. එරට 1918දී තුර්කියේ ඔත්මාන් අධිරාජ්‍යයාගෙන් නිදහස ලැබ ඇති අතර 1962 දක්වා කිසියම් සම්මුතියක් අනුව බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවත 1967දී ජනරජයක් ලෙස ප්‍රකාෂයට පත්කර ඇත. 1970 දී දකුණු යේමනය උතුරු යේමනයෙන් වෙන්වී කොමිනිස්ට් රජයක් ප්‍රකාශයට පත්කර ඇත. පසුකාලීනව මෙ දෙරට යුද්ධ කිහිපයක පැටලුන ද 1990 වසරේ මැයි 22 දා නැවත යේමනය ලෙස එක්සත් විය.
අරාබියානු අර්ධද්වීපයේ ඉතිරි කලාප බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අණසක යටතේ පැවතී ඇත.
1960 දශකයේ අග භාගය වන විට මැදපෙරදිග රටවල් ගනනවක් බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වෙමින් සිටියේය. ඒ අනුව බහරේන්, ඕමන්, කටාර්, හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE - United Arab Emirates) යනාදී රටවල් 70 දශකයේ මුල් කාලය වෙන විට පිහිටුවා ඇත.
මින් UAE පෙඩරල් රාජ්‍යයන් හතකින් සමන්විත වේ, ඒවා නම් වශයෙන් අබූදාබිය, ඩුබායි, සාජා, අජ්මාන්, උම් අල් ක්වේන්, ෆුජේරා හා රාස් අල් කයිමා වේ. පෙඩරල් රාජ්යයන් එමීර්වරයෙක් මූලික සභාවකින් පාලනය වන අතර, මධ්‍යගත රජය ජනාධිපතිවරයා ලෙස අබූදාබියේ එමීර්වරයා පත්වේ.
ඒ අතර තුර සිදුවූ ඛණිජ තෙල් මිල ඉහළ යෑම හා කලාපයේ නව ඛණිජ තෙල් නිධි මතුවීම නවතම ආර්ථික ප්‍රවණතාවයක් ඇති කර ඇත. එය මැදපෙරදිග රටවල සීග්‍ර සංවර්ධන ක්‍රියාදාමයට මුලපිරුනි. ඉන් විශාල මිනිස් ශ්‍රම බලකායක අවශ්‍යතාවය මතුවිය. ඉංදියාව, පකිස්තානය, අන් අරාබි රටවල්, තුර්කිය, කොරියාව, චීනය, අප්‍රිකානු රටවල්, අනෙකුත් ආසියාතික රටවල් ද අඩු වැඩියෙන් ඉන් වාසි අත්කර ගෙන තිබුණි.
බටහිර රටවල් ඔවුන්ගේ තාක්ෂණික බලපුලුවන්කාරකම උපයෝගී කරගෙන කාලපයේ ආධිපත්‍යය පවත්වා ගැනීමට සමත් විය.

Subscribe to:
Posts (Atom)